ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය අද දිනයේදී ආරම්භ වනවා .

එම තරගාවලිය එළඹෙන 10 වැනිදා දක්වා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් මූලස්ථාන , වෙළෙඳ සේවා සහ කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ පිහිටි ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාංගණ වලදී පැවැත්වීමට නියමිතයි .

මෙවර තරගාවලියේදී පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන ප්‍රධාන කාණ්ඩ 5 යටතේ පැවැත්වෙනවා .

එයට අමතරව වයස අවුරුදු 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ කනිෂ්ඨ තරගකරුවන් සඳහාද මෙවර තරග පැවැත්වීම විශේෂත්වයක් .

මෙම තරගාවලිය සදහා සහභාගී වීමට නියමිත සමස්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 1000 කට ආසන්න බවයි වාර්තා වන්නේ .

WhatsApp Group

Skip to content