ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,098 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම ගතවූ පැය 24 ක් කාලය තුල දී ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව129ක්.

ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 754 ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 1 266 ක් ලැබී ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

ඉන් පැමිණිලි 2020 ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබී තිබෙනවා.

මීට අමතරව ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 14ක් සහ වෙනත් පැමිණිලි 64ක් ලැබී තිබුනා.

WhatsApp Group

Skip to content