මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් ඇතුළු අනෙකුත් පුද්ගලයන්ට මාර්ගගත ක්‍රමයට වීසා නිකුත් කිරීම සිදු නොවීම නිසා, කටුනායක ගුවන් තොටුපොළේ වීසා ලබා ගැනීමේ අර්බුදයක් මතුව තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පසුගියදා නිකුත් කළ නියෝගයකට අනුව මෙරටට පිවිසීමට වීසා නිකුත් කිරීමේ කටයුතු වලින් VFS ග්ලෝබල් සමාගම ඉවත් කිරීමට සහ ගුවන් තොටුපොළ තුළ පැරණි ක්‍රමයට සාමාන්‍ය පරිදි වීසා නිකුත් කිරීම සිදු කරන ලෙස නියෝග කරනු ලැබුවා.

කෙසේ වෙතත් පැරණි ක්‍රමයට වීසා නිකුත් නොවීම හේතුවෙන් ගුවන් තොටුපොළ වෙත පැමිණ වීසා ලබා ගැනීම සදහා පැමිණෙන පිරිස් හේතුවෙන් මේ වන විට පෝලිම් මතුව තිබෙනවා.

WhatsApp Group

Skip to content