වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පෞද්ගලික අවශ්‍යතාවක් මත විදෙස්ගත වීම හේතුවෙන් රුවන් ගුණසේකර මහතා පත් කර ඇති බවටයි වාර්තා වන්නේ.
නියෝජ්‍ය පොලිස්පති තල්දුව නැවත දිවයිනට පැමිණි පසු නැවත පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනවා

WhatsApp Group

Skip to content