ජාතික කලාභවනේ තිබූ වසර 100 කට ආසන්න කාලයක් පැරණි සිතුවම් 14 ක් අතුරුදන්වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ඒ.සී.ජී.එස්. අමරසේකර, ඩී.පී.ජී. ජයදේව, ග්‍රේස් ආදී ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන් විසින් සිතුවම් කරන ලද චිත්‍ර මෙලෙස අතුරුදන්වී තිබෙන බව ජාතික කලාභවනේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ජාතික කලාභවනේ නඩත්තු කටයුතු සිදුකෙරෙන බැවින් එහි සිතුවම් තාවකාලිකව ගලවා ඉවත් කර ඇති අතර එහිදී මෙම සිතුවම් අතුරුදන් වී ඇතැයි වාර්තා වේ.

WhatsApp Group

Skip to content