අනුරාධපුර දිස්ත්රික්කයේ ප්රාදේශීය මට්ටමේ මහජන සෞඛ්ය කාර්ය සාධන ප්රගති සමාලෝචන රැස්වීම (Regional Level Public Health Performance Review of Anuradapura District) පසුගියදා (06) සෞඛ්ය ලේකම් විශේෂඥ ‌වෛද්ය පාලිත මහීපාල මහතාගේ ප්රධානත්වයෙන් උතුරු මැද පළාත් සෞඛ්ය සේවා දෙපාර්තමේන්තුවේ පළාත් සෞඛ්ය පුහුණු මධ්යස්ථාන ශ්රවණාගාරයේ දී පැවැත්විණි
මෙහිදි උතුරු මැද පළාතේ සෞඛ්ය කළමනාකරණය පිළිබඳ දළ විශ්ලේෂණයක් සිදු කරමින් පළාත් පැතිකඩ, මානව සම්පත් කළමනාකරණය, මූල්ය කළමනාකරණය, උපකාරක සේවා, අධ්යාපන පුහුණු සහ පර්යේෂණ, විශේෂ මහජන සෞඛ්ය ගැටලු ඩිජිටල් සෞඛ්ය වැඩසටහන් හි වැදගත්කම සහ ඉදිරි දැක්ම පිළිබඳව උතුරු මැද පළාත් සෞඛ්ය සේවා අධ්යක්ෂ ‌වෛද්ය ඩබ්.එම් පාලිත බණ්ඩාර මහතා කරුණු ඉදිරිපත් කළේය.

WhatsApp Group

Skip to content