මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ලබන 15 වනදා එම විභාගය පවත්වා අවසන් වන තෙක් එම තහනම ක්‍රියාත්මකයි.

එමෙන්ම අනුමාන ප්‍රශ්න පත්‍ර ලබා දෙන බවට පෝස්ටර්, බැනර් අත්පත්‍රිකා ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළග තබා ගැනීම ද තහනම් බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියේ.

WhatsApp Group

Skip to content