ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී මීටර් 4X400 කාන්තා සහ පිරිමි ඉසව් දෙකෙන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම් අද සමත් වූවා.

මීටර් 4×400 කාන්තා තරගයෙන් රිදී පදක්කමත් පිරිමි තරගයෙන් රන් පදක්කමත් දිනා ගැනීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම් සමත් වූයේ.

කාන්තා තරගය සඳහා නදීෂා රාමනායක, සයුරි ලක්ෂිමා මෙන්ඩිස්, නිෂේන්ද්‍රා හර්ෂනී ප්‍රනාන්දු සහ තරුෂි කරුණාරත්න සහභාගි වූවා.

රිදී පදක්කම දිනා ගනිමින් ඔවුන් සටහන් කළ කාලය විනාඩි 3.33.27කි.

එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට වියට්නාම කණ්ඩායම සමත් වූ අතර ඔවුන් වාර්තා කළ කාලය විනාඩි 3.32.36කි.

මේ අතර 4×400 පිරිමි ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අරුණ දර්ශන, රජිත නෙරන්ජන් රාජකරුණා, කෞෂික කේෂාන්  සහ කාලිංග කුමාරගේ තරග වැදුණා.

එහිදී තරගයේ පළමු ස්ථානය ඔවුන් හිමි කර ගත්තේ විනාඩි 3.01.56ක කාලයක් වාර්තා කරමින්.

තරගයේ දෙවන ස්ථානය ඉන්දීය කණ්ඩායම පත්වූයේ විනාඩි 3.01.80ක කාලයකින් තරගය නිම කරමින්.

WhatsApp Group

Skip to content