කොටදෙනියාවේ සිට මීරිගම දෙසට යතුරුපැදියකින් ප්‍රවාහනය කරපු නීති විරෝධී මත්පැන් බෝතල් 50 ක් සමග එක් සැකකරුවකු, මීරිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොටදෙනියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත්, මෙම සැකකරු කාලයක් තිස්සේ මෙම ව්‍යාපාරය කරගෙන ගිය බවත්, මීරිගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති B.W ධනංසූරිය මහතා පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් මත්පැන් වල වටිනාකම රුපියල් 75,000 ට අධික බව රථවාහන අංශයේ ස්ථානාධිපතිතුමා පවසයි.

අත්අඩංගුවට ගත් නීති විරෝධී මත්පැන් සහ සැකකරු අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මීරිගම පොලිසිය පවසයි.

WhatsApp Group

Skip to content