47 වන ජාතික මහා ක්‍රිඩා උළෙලේ නව තරග වාර්තා තුනක් බිහි වී තිබෙනවා.

කවපෙත්ත විසි කිරීමේ කාන්තා ඉසව්වේ මීටර් 44.59 දුරක් කවපෙත්ත විසිකරමින් නව තරග වාර්තාවක් බිහිකිරීමට විදුෂා ලක්මාලි ක්‍රිඩිකාව සමත්වුණා.

ඇය උතුරු මැද පළාත නියෝජනය කරමින් මෙවර තරගාවලියට එක්ව තිබුණා.

එමෙන්ම උතුරු පළාත නියෝජනය කළ නෙසරාසා දක්ෂිතා මීටර 3.48ක දක්ෂතාවක් දක්වමින් රිටි පැනීමේ තරග ඉසව්වේ නව වාර්තාවක් පිහිටුවනු ලැබුවා.

මේ අතර ඊයේ දිනයේ නව තරගාවලි වාර්තාවක් බිහි කිරීමට බස්නාහිර පළාත නියෝජනය කළ ජනිදු ලක්විජය සමත් වුණා.

ඒ මීටර 100 කඩුළු මතින් දිවීමේ ඉසව්ව තත්ත්පර 14.18කින් නිමකරමින්.

47 වන ජාතික මහා ක්‍රිඩා උළෙලේ මලල ක්‍රිඩා ඉසව් අද දිනය තුළද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

වසර තුනකට පසුවයි මෙවර ජාතික මහා ක්‍රිඩා උළෙල සංවිධාන කර ඇත්තේ.

WhatsApp Group

Skip to content