විකල්ප මාර්ග භාවිතා කරමින් උතුරු පළාතේ සිට උතුරුමැද පළාතට මස් සඳහා ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයක් සමග සැකකරුවන් තිදෙනෙකු මැදවච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තල්ගහවැව, රැඹෑව පදිංචි 45, 25 සහ 54 හැවිරිදි පුද්ගලයින් බව සදහන්.

පොලිසිය විසින් සිදු කළ විශේෂ මාර්ග බාධක මෙහෙයුමකදියි හිංසාකාරි ලෙස ගවයින් ලොරි රථයක පටවාගෙන මස් සඳහා රැගෙන යමින් සිටි ඉහත සැකකරුවන් අත් අඩංගුවට ගනු ලැබුවේ.

හිංසාකාරි ලෙස ගවයින් 10 දෙනෙකු ඒ වන විට ලොරි රථයට පටවා තිබූ බවත් එහි අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙන් සොරකම් කරගෙන රැගෙන යන ගවයින්ද යන සැකය මත වැඩි දුර පරික්ෂණ සඳහා ,මෙම පිරිස පොලිස් අත් අඩංගුවට ගත් බවත් මැදවච්චිය පොලීසිය පවසනවා.

මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ මැදවච්චිය පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

WhatsApp Group

Skip to content