මෙරට කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නව පනත් කෙටුම්පත් දෙකක් එළඹෙන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කාන්තා දින සැමරුම් ජාතික උත්සවයට එක්වෙමින්.

මෙවර කාන්තා දිනයේ ජාත්‍යන්තර තේමාව වන්නේ , “කාන්තාවන් සඳහා ආයෝජන කරන්න – ප්‍රගතිය වේගවත් කරන්න” යන්නයි.

ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී අද පැවැත්වුණා.

මෙවර එහි තේමාව වන්නේ “ඇයට ශක්තිය – දැයට ප්‍රගතිය” යන්නයි.

WhatsApp Group

Skip to content