ලොව පුරා හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපවාලි දිනය අදට යෙදී තිබෙනවා.

දීපවාලි දිනය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙසයි සැලකෙන්නේ.

නව සද උදාවීමට සමගාමිව යෙදෙන දීපවාලි උත්සවය අයහපත පරදා යහපතත් , අදුර පරදා ආලෝකය උදාවීමත් සංකේතවත් කරනවා.

මේ දීපවාලි උත්සවය වෙනුවෙන් වී එෆ් එම් ප්‍රවෘත්ති අංශය තබන සටහනක්.

https://www.vnews.lk/storage/2023/11/DEPAVALI-FEATURE.mp3?_=1

මේ අතර දීපවාදි උත්සවය වෙනුවෙන් අද දිනය තුළද විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි සභාපති ලලිත් ද අල්විස් මහතා පැවසුවේ දීපවාලි වෙනුවෙන් ගම්බිම්බලා යන ජනතාවගේ පහසුව උදෙසා මෙම බස් සේවා ක්‍රියාත්මක කෙරන බවයි.

කොළඹ සිට නුවරඑළිය ඇතුළු නගර සදහා මෙම විශේෂ බස් රථ සේවා යොදවා තිබෙනවා.

මේ අතර අදට යෙදී ඇති දීපවාලි උත්සවය සැමරීමට වතුකරයේ ජනතාව සුදානම් බව අප වාර්තාකරු සදහන් කළා.

හැටන් නගරයට මෙම දින කිහිපය තුළ විශාල ජනතාවක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම නගරයට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content