2023 හංගේරියාවේ පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා උළලේ 400 x 4 පිරිමි සහය දිවීමේ මුල් වටයේ 2වන තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දර්ශන, රාජකරුණා, නිකූ සහ කුමාරගේ යන ක්‍රීඩකයින් තරග වැදුණු අතර ශ්‍රී ලංකාවට හිමි වූයේ අවසන් ස්ථානයයි.

400 ඞ 4 සහය දිවීමේ මුල් වටයේ 2වන තරගය සඳහා ශ්‍රී ලංකාව සමඟ නෙදර්ලන්තය, ජැමෙයිකාව, බෙල්ජියම, ඉතාලිය, ප්‍රංශය, කෙන්යාව සහ ජර්මනිය යන රටවල් සහභාගී වුණා.

මෙම තරගයේදී පළමු ස්ථානය ජැමෙයිකාව විසින් දිනාගත් අතර ප්‍රංශය සහ ඉතාලිය පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන හිමිකරගනු ලැබුවා.

WhatsApp Group

Skip to content