එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 19 වන තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්තය අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්තය පළමුවෙන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවාර 49.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 262ක් ලබාගැනීමට සමත් වූවා.

නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයන් වන්න Sybrand Engelbredchtය.

ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 70ක්.

ඊට අමතරව Logan Van Beek ලකුණු 59ක් ද Colin Ackermann ලකුණු 29ක් ලබාගත්තා.

සෙසු කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 20 සීමාව පසු කිරීමට සමත් වූයේ නැහැ.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් මධුශංක සහ කසුන් රාජිත කඩුලු හතර බැගින් බිඳ දැමුවා.

මහීෂ් තීක්ෂණට දවා ගැනීමට හැකියාව ලැබුණේ එක් කඩුල්ලක් පමණයි.

ලකුණු 263ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවට පහර දෙමින් සිටිනවා.

පන්දුවාර 14ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 81ක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් ව සිටිනවා.

මේ වන විට නොදැවී පන්දුවට පහර දෙමින් ක්‍රිකට් කරන්නේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සහ සධීර සමරවික්‍රමයි.

පැතුම් නොදැවී ලකුණු 42ක් සහ සධීර නොදැවී ලකුණු 14ක් ලබාගෙන සිටිනවා.

ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු දෙකම දවා ගත්තේ Aryan Dutt විසිනි.

 

WhatsApp Group

Skip to content