ආන්දෝලනයට ලක්ව ඇති හදිසි ඖෂධ මිලදී ගැනීමේදි සිදුව ඇති අක්‍රමිකතාව පිළිබද ජනාධිපතිවරයා මැදිහත්ව කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඊයේ කොළඹදී කැදවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළ නිලධාරීන් පත්කර ඇත්තේ ජනාධිපතිවරයා බැවින් එහි වගකීමෙන් මිදිමට ඔහුට නොහැකි බවයි.

ජනතාවගේ ජීවිත හෑල්ලුවට ලක්කර සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මැදිහත්ව තීන්දු තීරණ ගතයුතු බවයි.

https://www.vnews.lk/storage/2023/10/HARITHA-ALUTHGE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content