කොළඹ කාසල් වීදිය රෝහලේදී උපත ලද සය නිවුන් දරුවන් අතරින් එක දරුවෙක් මරණයට පත්ව ඇති බව වාර්තා වනවා.

දරුවාගේ පෙනහළුවලට රුධිරිය ගලා යාම හේතුවෙන් මෙම මරණය අද(18) සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම බිළිඳ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඉකුත් 15 වෙනිදා මෙම දරුවන් කාසල් කාන්තා රෝහලේදී උපත ලැබූ අතර ඔවුන් සියලු දෙනා පිරිමි දරුවන් බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content