ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 39 වැනි තරඟයෙන් කඩුලු 06ක ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 210ක් රැස් කළා.

එහිදී නායක රුතුරාජ් ගායික්වාඩ් පන්දු 60දී නොදැවී ලකුණු 108ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 213ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ මාකස් ස්ටොයිනීස් පන්දු 63දී නොදැවී ලකුණු 124ක් රැස් කළා.
පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 35ට කඩුළු 2ක් බිඳ හෙළුවා.

WhatsApp Group

Skip to content