මාදම්පේ, තඹගල්ල, කාකපල්ලිය ප්‍රදේශයේදී නවසකට මුව ආවරණ පැළද ඇතුළු වූ පුද්ගලයන් සිව් දෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් පෙන්වා දේපල කොල්ල කා තිබෙනවා.

මෙහිදී මෙම පිරිස නිවැසියන් බියගන්වා රුපියල් නව ලක්ෂ 30,000ක මුදලක්, පවුම් 29ක් බර රන් ආබරණ සහ ජංගම දුරකථනයක් කොල්ලකා ඇති බවයි පොලීසිය සදහන් කළේ.

මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ක්‍රීඩා පුවතක් දැන්

WhatsApp Group

Skip to content