හෙද සේවාවේ පවතින පුරප්පාඩු අතුරින් 1,000 ක ප්‍රමාණයක් වහාම බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

මේ වනවිට 3,000 ක පමණ හෙද පුරප්පාඩු ප්‍රමාණයක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව අනෙකුත් අවශ්‍ය බඳවාගැනීම්ද කඩිනමින් සිදු කිරීමට මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා .

මෙලෙස පළමු වටයේදී බඳවා ගැනෙන පිරිසට අමතරව අනෙකුත් පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේදී ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි අදාළ බඳවාගැනීම් සිදු කිරීමට පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

අමාතයවරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඇතුළු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදීයි .

මෙයට අමතරව හෙද හා අතුරු වෛද්‍ය උපාධිධාරීන් 825 දෙනෙකු සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමට වහාම පියවර ගන්නා ලෙසයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා දැනුම් දුන්නේ .

WhatsApp Group

Skip to content