3 වන ශ්‍රෙණියේ දරුවන් සැලකීමේදී අඩුම සාක්ෂරතාවයක් පෙන්නුම් කරන්නේ මධ්‍යම පළාතේ දරුවන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සිදුකළ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම එම වයසේ දරුවන් අතරින් අඩුම ගණිතමය හැකියාවක් පෙන්නුම් කරන්නේ උතුරු පළාතේ දරුවන් බවයි එම සමීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ.

මෙරට පාසල්වල 3 ශ්‍රෙණියේ දරුවන්ගේ පාසල් නිපුණතා පදනම් කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වසරේදී පළාත් මට්ටමින් සිදු කළ සමීක්ෂණයකට අනුව එම දරුවන්ගේ සාක්ෂරතාවය හා ගණිතමය හැකියාව පහළ ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.

සාක්ෂරතාවය සැලකීමේදී අඩුම නිපුණතාවක් පෙන්වා ඇත්තේ මධ්‍යම පළාතේ දරුවන් වන අතර එහි අගය සියයට 9ක්.

ඌව, උතුර සහ නැගෙනහිර පළාත්වල 3 වන ශ්‍රෙණියේ දරුවන්ගේ සාක්ෂරතාව සියයට 10ක් වන අතර, උතුරු මැද පළාතේ එම අගය දැක්වෙන්නේ සියයට 15ක් ලෙසයි.

එමෙන්ම දකුණු පළාතේ සියයට 16ක් හා වයඹ පළාතේ සියයට 17ක් වශයෙන් සාක්ෂරතාව දැක්වෙනවා.

බස්නාහිර හා සබරගමුව පළාත්වල එම අගය පිළිවෙළින් සියයට 20ක් සහ සියයට 21ක් ලෙසයි වාර්තා වන්නේ.

 

WhatsApp Group

Skip to content