ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ පුද්ගලයින් 292කට මරු කැඳවමින් සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එරට දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් දෙදෙනෙක් සහ කාර්මික ශිල්පියෙක් .

පසුගිය ජූනි දෙවැනිදා රාත්‍රියේ සීග්‍රගාමී මගී ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමට ලක් වුනා .

එම අවස්ථාවේදී දුම්රියේ මැදිරි කිහිපයක් අසල රේල් මාර්ගයක නවතා තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියකද ගැටුණු අතර ඉන් විනාඩි කිහිපයකට පසුව තවත් සීඝ්‍රගාමී මගී ප්‍රවාහන දුම්රියක් පීලිපැනීමට ලක්ව තිබූ දුම්රියේ ගැටී මෙම දරුණු අනතුරව තිබුනා .

අනතුරින් පුද්ගලයින් 292 දෙනෙකුට දිවි අහිමිවූ අතර තුවාල ලැබූ පිරිස දහසක් පමණ වනවා .

මෙහිදී අනාවරණය වී ඇත්තේ දුම්රිය සංඥා පරිපථයේ සිදු කරන ලද වෙනස් කිරීම් මෙම අනතුරට හේතු වී ඇති බවයි.

ලොව සිව්වන විශාලතම දුම්රිය ජාලය ඉන්දියාව සතු වනවා.

එමෙන්ම දෛනිකව දුම්රිය ගමන්වාර 14,000ක් හරහා මගීන් මිලියන 21ක් ප්‍රවාහනය වන බව සදහන් .

WhatsApp Group

Skip to content