මධ්‍යම පලාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින මස්කෙළිය විවිධ සේවා සමූපකාර සමිතියේ ගිණුම් 2016.09.01 දින සිට මේ දක්වා සමූපකාර දෙපාර්තමේන්තුවෙන් ව්‍යවස්ථාපිත විගණනයක් සිදු කර නොමැති බව නුවරඑළිිය සමූපකාර සංවර්ධන කොමසාරිස්වරිය පවසනවා.

මධ්‍යම පලාත් සමූපකාර දෙපාර්තමේන්තුව යටතේ ඇති නුවරඑළිය නියෝජ්‍ය සමූපකාර සංවර්ධන කොමසාරිස් කාර්යාලය මගින්  වසරක් පාසා  අනිවාර්යෙන් ව්‍යවස්ථාපිත විගණනයක් කළයුතු වුවද, වසර 07 ක දීර්ඝ කාලයක් තිස්සේ මස්කෙළිය විවිධ සේවා සමූපකාර සමිතියේ ගිණුම් මෙසේ විගණනය නොකිරීම සම්බන්ධව මෙම සමිතියේ ග්‍රාමීය බැංකු ශාඛාවල ගිණුම් පවත්වාගෙන යන ගණුදෙනු කරුවන් විමතිය පළ කර සිටිනවා.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මස්කෙළිය විවිධ සේවා සමූපකාර සමිතිය මගින් පාලනය කෙරෙණ ග්‍රාමීය බැංකු ශාඛාවන් පිළිබඳව කරන ලද තොරතුරු විමසුමකදී මධ්‍යම පලාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නුවරඑළිය නියෝජ්‍ය කොමසාරිස් එස්.එස්.ප්‍රේමසිංහ මහත්මිය විසින් මේ බැව් ලිඛිතව දන්වා එවා තිබුණා.

WhatsApp Group

Skip to content