ලොව පුරා පවතින ජල අර්බුදය හේතුවෙන් 2050 වසර වන විට ලෝක ආහාර නිෂ්පාදනයෙන් අඩකට වඩා අවදානමට ලක්විය හැකි බව ජල ආර්ථික පිළිබඳ ගෝලීය කොමිසම පවසනවා.

ඔවුන් නිකුත් කළ වාර්තාවේ දක්වා ඇත්තේ 2050 වසර වන විට ඉහළ ආදායම් ලබන රටවල දළ දේශීය නිෂ්පාදිතයේ, සියයට 8 ක පහත වැටීමක් වාර්තා විය හැකි බවයි.

එමෙන්ම අඩු ආදායම්ලාභී රටවලට දළ දේශීය නිෂ්පාදිතය සියයට 15 ක් දක්වා පහත වැටෙනු ඇති බවද සදහන්.

දේශගුණික විපර්යාස නිසා ඇතිවන වර්ෂාපතන රටා වෙනස් වීම, උෂ්ණත්වය ඉහළ යාම මෙම තත්වයට හේතුව බවයි ඔවුන් සදහන් කරන්නේ.

WhatsApp Group

Skip to content