ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මට අනුව 2048 වන විට විදුලියෙන් ක්‍රියාත්මක බස් රථ මෙරට පොදු මගී ප්‍රවාහන සේවයට එක් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ දීර්ඝකාලිනව පවතින ගැටලුවලට විසදුම් ලබා දීම සදහා ජාතික ගමනාගමන ප්‍රතිපත්තියක් හදුන්වා දීමට සහ පොදු ප්‍රවාහන සේවය තුළ ඒකාබද්ධ කාලසටහනක් හදුන්වා දීමේ වැඩපිළිවෙලක් ද සැලසුම් කර ඇති බව සදහන්.

මේ පිළිබදව සාකච්ඡාවක් ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊට අදාළ නිලධාරින් සමග ජනපති කාර්යාලයේදී ඊයේ දින පවත්වනු ලැබුවා.

 

WhatsApp Group

Skip to content