ආර්ථික ඉලක්ක සපුරා ගන්නා අතරතුර 2040 වන විට ශූද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය ද සපුරා ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කාබන් විමෝචනය ශූන්‍ය කිරීමේ ගෝලිය ඉලක්කය ජාතික ප්‍රතිපත්තියට ඇතුළත් කළ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පැවති ජාත්‍යන්තර පරිසර දින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

දේශගුණ විපර්යාසවලට මුහුණ දීමේදී අඩු ආදායම්ලාභී රටවලට සහන ලබා ගැනීම වෙනුවෙන් ලොව දියුණු රටවලට බලපෑම් කළ යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සදහන් කළා.

WhatsApp Group

Skip to content