2027 වසරේ මාර්තු වන විට කොළඹ වරාය නගරයේ අවන්හල් ඉවත් කරන බව කොළඹ වරාය නගර ආර්ථික කොමිසම විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට පවසා තිබේනවා .

කොළඹ වරාය නගරයේ ඉදිකොට තිබෙන අවන්හල් සියල්ල කොළඹ වරාය නගර ආර්ථිකයට අනුබද්ධිත විනෝදාස්වාදී ක්‍රියාකාරකම් යටතේ පවත්වාගෙන යනු ලබනවා .

කොළඹ වරාය නගරය ප්‍රධාන වශයෙන් විදේශ ආයෝජන ඉලක්ක කර නිර්මාණය කර තිබිය දී මෙවැනි අවන්හල් පිහිටුවීමේ නීත්‍යානුකූලභාවය කුමක් ද යන්න පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යොමු කළ ප්‍රශ්න හමුවේ ඊට පිළිතුරු දෙමින් එම නිලධාරීන් මේ බව ප්‍රකාශ කර තිබෙනවා .

ඒ අනුව මේ සම්බන්ධයෙන් වන තොරතුරු කඩිනමින් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙසට කමිටු සභාපතිවරයා විසින් කොළඹ වරාය නගරය ආර්ථික කොමිසමට සහ නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content