2025 වර්ෂයේ දී සාමාන්ය පෙළ විභාගය මුල් මාස දෙක තුළ පවත්වා උසස් පෙළ ඇතුළු අනිකුත් විභාග ද වේලාසන පවත්වා විභාග කාලසටහන යාවත්කාලීන කරන බව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසයි.
උසස් පෙළ, සාමාන්ය පෙළ හා පහ ශ්රේණි ශිෂ්යත්ව විභාග උත්තරපත්ර සමීක්ෂකවරුන්ගේ දීමනා සියල්ල ද වැඩි කර ඇති බව මෙහි දී පැවසූ අමාත්යවරයා ලබන සැප්තැම්බර් මාසය වන විට පසුගිය සාමාන්ය පෙළ විභාග ප්රතිඵල ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යන බව ද කී ය.
අමාත්යවරයා මේ බව පැවසුවේ ප්රාදේශීය මධ්යස්ථාන වෙත පෙළපොත් බෙදාහැරීමේ සමාරම්භක වැඩසටහනට ඊයේ සහභාගී වෙමින් පිටිපන ප්රධාන ගබඩා සංකීර්ණයේ දී ය.

WhatsApp Group

Skip to content