2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද පැවැත්වෙනවා.

ඩුබායි හිදි පැවැත්වෙන මෙම වෙන්දේසිය මෙරට වේලාවෙන් පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතයි.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයන් 333 දෙනෙකු ඉදිරිපත් කරන අතර ඉන් ක්‍රීඩකයන් 214 ක් ඉන්දීය ක්‍රීඩකයන් වනවා.

වෙන්දේසියට ඉදිරිපත් කරන විදෙස් ක්‍රීඩකයන් සංඛ්‍යාව 119 ක්.

විදෙස් ක්‍රීඩකයන් අතරින් දෙදෙනෙකු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික නොවන රටවල්වලින් තෝරා ගන්නා බවද සදහන්.

වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

එහිදි වනිදු හසරංග, ඉන්දීය රුපියල් කෝටි 1.5 ක කාණ්ඩයටත්, කුසල් මෙන්ඩිස්, දිල්ශාන් මධුශංක, චරිත් අසලංක, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර සහ නුවන් තුෂාර ඉන්දීය රුපියල් ලක්ෂ 50 කාණ්ඩයට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙහිදි ජාත්‍යන්තර වරම් දිනූ ක්‍රීඩකයින් 116 දෙනෙකු ද, ජාත්‍යන්තර වරම් දිනා නොමැති ක්‍රීඩකයින් 215 දෙනෙකු ද වෙන්දේසියේදී ඉදිරිපත් කර තිබෙනවා.

මෙම වෙන්දේසියේදී ක්‍රීඩකයින් 77 දෙනෙකු මිලදී ගැනීමට කණ්ඩායම් 10 ක හිමිකරුවන්ට අවස්ථාව පවතිනවා.

මේ වන විට පුරප්පාඩු වී පවතින විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 30 ක්.

මෙහිදි ඉහළම මූල්‍ය වටිනාකමක් හිමි ඉන්දීය රුපියල් කෝටි 2 කාණ්ඩයට යටතේ ක්‍රීඩකයන් 23 දෙනෙකු ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර 2024 ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන මාර්තු 22 වන දා සිට මැයි මාසයේ අවසානය දක්වා පැවැත්වීමට සැලසුම්කර ඇති බවද වාර්තා වනවා.

WhatsApp Group

Skip to content