2024 විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය දෙවනවර කියවීමේ විවාදය අද සිට ආරම්භ වනවා .

ඒ අනුව අද සිට ලබන 21 වන දා දක්වා දින 7 ක් දෙවනවර කියවීම සදහා වන විවාදය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ . එමෙන්ම 21 වනදා පස්වරු 6 ට අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම ද පැවැත් වීමට නියමිතයි .

මේ අතර ඊයේ දිනයේදී 2024 වසර සදහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ ඉදිකිරීම් අංශයට ද සහන ලබා දීමට මෙවර අයවැයෙන් කටයුතු කර ඇති බවයි .

https://www.vnews.lk/storage/2023/11/RANIL-EDIT-.mp3?_=1

මේ අතර ජනාධිපතිවරයාගේ අයවැය කතාවෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනමනු ලැබුවා . කෙසේ වෙතත් ජාතික ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එයට සහභාගී වී සිටියේ නැහැ.

සාම්ප්‍රදායිකව අයවැය කතාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තේ පැන් සංග්‍රහයක් පවත්වන නමුත් මෙවර ඒ වෙනුවට දිවා භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබුවේ දහවල් කාලයේදී ජනාධිපතිවරයා අයවැය කතාව ඉදිරිපත් කිරීම හේතුවෙනුයි .

WhatsApp Group

Skip to content