2024 ශ්‍රී ලංකා ස්පොර්ට් ෆියෙස්ට්‍රා තරගාවලිය අද කොළඹදී ආරම්භ වුණා.

සංචාරක අමාත්‍යංශය හා එක්ව ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය විසිනුයි මෙම තරගාවලිය සංවිධානය කර ඇත්තේ.

ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහකත්වයෙන් තෙදිනක් පුරා මෙම තරගාවලිය පැවැත්වෙනවා.

දකුණු ආසියාවේ මෙවැනි ක්‍රිඩා උළෙලක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

මෙම තරගාවලියට ක්‍රිකට්, රග්බි, පාපන්දු, වොලිබෝල් , නෙට්බෝල් , හොකී සහ පැසිපන්දු යන තරග ඇතුළත්වනවා.

ප්‍රධාන කණ්ඩායම් හතරක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියට ක්‍රිඩක ක්‍රිඩිකාවක් 3000කට අධික පිරිසක් එක්වනු ඇති.

මෙම ක්‍රිඩා උළෙලේ ටෙන් ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් පහක් එක්වන අතර කොළඹ තර්ස්ටන් විද්‍යාලීය සහ බ්ලුෆීල්ඩ් ක්‍රිඩාංගවලදී තරග පැවැත්වෙනවා.

එහිදී කොළඹ කණ්ඩායමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක නායකත්වය ලබා දෙන අතර භානුක රාජපක්ෂ, දුනිත් වෙල්ලාලගේ නිරෝෂන් දික්වැල්ල සහ ජනිත් ලියනගේ පිළිවෙලින් දඹුල්ල , ගාල්ල , මහනුවර සහ යාපනය කණ්ඩායම් සදහා නායකත්වය ලබා දෙනවා.

එමෙන්ම කමාන්ඩර් කුසලාන රග්බි තරගාවලිය , ජනාධිපති රන් කුසලාන හොකී තරගාවලිය පැසිපන්දු තරගාවලිය කුඩා පාපන්දු තරගාවලිය සහ යොවුන් දැල් පන්දු තරගාවලිය අද සිට ආරම්භ වනවා.

මෙම ජාතික ක්‍රිඩා උළෙල ලබන 18 වනදායින් අවසන් වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content