2024 වසරේ මුල් කාර්තුවේදී විදුලි බිල අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ගම්පහ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් හට අදහස දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය වසරේ රට තුල පැවතී විදුලිය හා ඉන්ධන අර්බුධය මේ වනවිට ක්‍රමානුකූලව පහව යමින් තිබෙන බවයි.

එබැවින් 2024 වසරේ ජනවාරී, පෙබරවාරී මාසය වන විට විදුලි බිල අඩු කිරීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බවයි අමාත්‍යවරුයා සඳහන් කලේ.

WhatsApp Group

Skip to content