2024 නව පාසල් වාරය පෙබරවාරි මස සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

එය පෙබරවාරි 21 වනදා සිට ආරම්භ කිරීමටයි දින නියමව ඇත්තේ.

2024 නව පාසල් වාරය පිළිබඳ දැනුම් දෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ පිලිබඳ නිවේදනය නිකුත් කර තිබෙනවා.

එමෙන්ම 2024 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග තුනම එම වසර තුළ දී පවත්වා අවසන් කිරීමට කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සඳහන් කළා.

https://www.vnews.lk/storage/2023/07/SUSIL-EDIT-.mp3?_=1

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා අයදුම්පත් භාරගැනීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් යොමු කිරීමට හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ලබන 18 වන දා සිට ආරම්භ කිරීමට නියමිතයි.

මධ්‍යස්ථාන 110 ක ක්‍රියාත්මක සාමාන්‍ය පෙළ ඇගයිම් සදහා ගුරුවරුන් 29,750ක පිරිසක් එක්වන බව ද විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා.

 

WhatsApp Group

Skip to content