2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත පුහුණු කාර්යය මණ්ඩලය සදහා බටහිර ඉන්දීය කොදෙව් හිටපු තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පොලා්ඩ් ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වෙන එළඹෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී 20යි 20 ලෝක ශූර එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු ලෙස ඔහු කටයුතු කිරීමට නියමිතයි.

ලොව වටා 20යි 20 ලීග් තරගාවලි රැසක් ක්‍රීඩා කර ඇති ඔහු 20යි 20 තරග 600 කට වඩා වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කර තිබෙනවා.

කොදෙව්වන් වෙනුවෙන් පොලාඩ් ක්‍රීඩා කර ඇති ජාත්‍යන්තර 20යි 20 තරග ගණන 101 ක්. එහිදී ලකුණු 1,569 රැස් කර ඇති ඔහුගේ ප්‍රහාරාත්මක වේගය සටහන්ව ඇත්තේ 135 යි දශම එකයි හතරක් ලෙසයි.

කොදෙව්වන් වෙනුවෙන් ඔහු බිද හෙලා ඇති 20යි 20 කඩුලු ප්‍රමාණය 42 ක්. පොලාඩ් ශ්‍රී ලංකාවේ දී 2012 වසරේ පැවැති පන්දුවාර 20යි 20 ලෝක ශූරතාවය දිනූ කොදෙව් සංචිතයේ සාමාජිකයෙකු ලෙස ද රැදී සිටියා.

2022 වසරේ අප්‍රේල් මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමෙන් පසුව ඔහු ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකාර ධූරයක කටයුතු කරන පළමු අවස්ථාව මෙය වනු ඇති.

කෙසේ වෙතත්, මේ වන විටත් ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

WhatsApp Group

Skip to content