2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ශූරයන් බවට පත්වීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ අවසන් මහා තරඟයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 08කින් පරාජයට පත් කරමින්.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 03ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 113ක් රැස් කළා.
එහිදී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක පැට් කමින්ස් පන්දු 19දී ලකුණු 24ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ඇන්ඩි්‍ර රසල් ලකුණු 19ට කඩුලු 03ක් දවාගත් අතර, මිචෙල් ස්ටාර්ක් සහ හර්ෂිට් රානා කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 3ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 114ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.
එහිදී වෙන්කටේෂ් අයියර් නොදැවී ලකුණු 52ක් සහ රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 39ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී නායක පැට් කමින්ස් සහ ෂබාස් අහමඩ් එක් කඩුල්ල බැගින් බිඳ හෙළුවවා.
මෙම තරඟයේ වීරයා සම්මානය මිචෙල් ස්ටාර්ක් දිනා ගත් අතර, තරඟාවලියේ වීරයා සම්මානය දිනා ගනු ලැබුවේ සුනිල් නරේන් විසින්.

WhatsApp Group

Skip to content