2024 අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 41කින් සම්මත වී තිබෙනවා.

අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද(13) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

ඒහිදී අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 81ක් පමණයි.

ඒ් අනුව වැඩි ඡණ්ද 41කින් අයවැය තෙවන වර කියවීම සම්මත වුණා.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය නොවැම්බර් 13 වනදා අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එලෙස ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමෙන් අනතුරුව අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණා.

ඒහිදී අයවැයට පක්ෂව ඡන්ද 122ක්ද විපක්ෂව ඡන්ද 77ක්ද ලැබුණා.

ඒ අනුව අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාව පසුගිය නොවැම්බර් 22 වනදා සිට අද(13) දක්වා පැවැත්වුණා.

WhatsApp Group

Skip to content