අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද සිට ලබන මස 13 වැනි බදාදා දක්වා දින 19 ක් පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම ලබන මස 13 වැනිදා බදාදා සවස 6.00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර 2024 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසුම වැඩි ඡන්ද 45කින් ඊයේ සම්මත වුණා.

ඡන්දය විමසූ අවස්ථාවේ අයවැයට පක්ෂව ඡන්ද 122 ක්ද, විරුද්ධව ඡන්ද 77ක් හිමිව තිබුණා.

කෙසේ වෙතත් අයවැයට පක්ෂව මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය ලබා දුන් අතර චමල් රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභාවට පැමිණ සිටියේ නැහැ.

මේ අතර සමගි ජන බලවේගය, නිදහස ජනතාව සභාව, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවල මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළේ පනත් කෙටුම්පතට විරුද්ධවයි.

අලි සබි්‍ර රහීම්, වඩිවෙල් සුරේෂ්, ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුද පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.

මේ අතර මෙම අයවැය ඡන්ද විමසීමේදී රට බංකොළොත් කළ කණ්ඩායමට රට බංකොළොත් කළ වරමක් ලැබුණු බව අයවැය ඡන්ද විමසීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/11/SAJITH-EDIT-5.mp3?_=1

මේ අතර මෙරට අභිවෘද්ධිය අපේක්ෂා කරන කිසිවෙකුට අයවැයට විරුද්ධවීමට නොහැකි බව එහිදී අදහස් පළ කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසූවා.

https://www.vnews.lk/storage/2023/11/SHEHAN-EDIT.mp3?_=2

මේ අතර අයවැයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ වූ හේතුව පිළිබඳ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙලෙස අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/11/MAITHRI-EDIT.mp3?_=3

එහිදී අයවැය ඡන්ද විමසීම ගැන ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාද මෙලෙස අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/11/ANURA-EDIT-2.mp3?_=4

WhatsApp Group

Skip to content