2024 වසර සඳහා රජයේ වියදම් ඇතුළත් අයවැය දෙවන වර කියවීම හෙට දිනයේ සිදු කිරිමට නියමිතයි. ඒ අනුව අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  විසින්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

2024 වසර සඳහා වන රජයේ විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 3,860ක්.2023 වසරේ රජයේ විසර්ජන කෙටුම්පත අනුව ඇස්තමේන්තුගත වියදම දැක්වුණේ රුපියල් බිලියන 3,657 ක් ලෙසයි.

ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව 2024 වසර සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 203කින් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේවෙතත්  ආර්ථික විශේෂඥයින් පවසන්නේ සාම්ප්‍රදායික අයවැයකට එහා ගිය නිර්මාණශීලී ප්‍රතිපත්ති මාලාවක් මෙවර අයවැයෙන් ඉදිරිපත් කරන්නේ නම් පමණක් ජනතාවට ඒ පිලිබඳ බලාපොරොත්තු තබාගත හැකි බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ, ඉතිහාසයේ බරපතළම අභියෝගාත්මක අයවැය බවට මෙවර අයවැය පත්වනු ඇති බවයි.

මේ අතර මේවර අයවැය යෝජනා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා ද මෙලෙස අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/11/THISSA-ATHNAYAKA-EDIT-.mp3?_=1

ඉදිරි අයවැය මගින් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට කටයුතු නොකළ හොත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමුවන බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.මේ ඒ පිළිබද අදහස් පලකළ ලංකා ගුරු සේවා සංගමයේ  ලේකම් ජෝසප් ස්ටාලින් මහතා.

https://www.vnews.lk/storage/2023/11/JOSHAP-STARLING-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content