2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග සහ පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත් කරමින් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේතුව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

2024 වර්ෂයට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2024 සැප්තැම්බර් 15 වැනි ඉරිදා දින පැවැත්වීමට නියමිතය.

2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබු අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි 06 සිට 2024 මැයි 15 දක්වා පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම, අ.පො.ස උසස් පෙළ විභාගය 2024 නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 දක්වා පවත්වන බව සඳහන්.

2024 අදාළ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට යෝජිත දිනයන් ඉදිරීයේ දී දැනුම් දෙන බව වැඩිදුරටත් එම දෙපාර්තමේතුව සඳහන් කරයි.

WhatsApp Group

Skip to content