එළඹෙන වර්ෂය සදහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛය අද(13) දින නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මෙම චක්‍රලේඛය නිකුත් කිරීමෙන් පසු පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් යොමු කිරීමට අවස්ථාව පවතිනවා.

එමෙන්ම අගෝස්තු මස 18 වන දා දක්වා මෙලෙස අයදුම්පත් යොමු කළ හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

අයදුම්පත් යොමු කිරීමේදී දරුවා පාසලට ඇතුළත් කිරීම සදහා ඉදිරිපත් කරන ලිපි ලේඛන ජූලි මස 30 වන දාට පෙර සහතික කළ යුතු වනවා.

WhatsApp Group

Skip to content