නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ හෙට දිනයේ සිට 12 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බවයි .

ඒ අනුව හෙට දිනයේ දී ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පත, ජාතික ජලශාස්ත්‍රීය පනත් කෙටුම්පත සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත විවාදයට ගැනීමට නියමිතයි .

අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත දෙවනවර කියවීමට අදාළව 2023 නොවැම්බර් මස 8 වන දින පවත්වා කල්තබන ලද විවාදය ජනවාරි මස 10 වැනිදා දෙවැනි දිනටත් පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර ජනවාරි මස 11 වැනි බ්‍රහස්පතින්දා විපක්ෂය විසින් ඉදිරිපත් කිරීමට නියමිත සභාව කල්තැබීමේ යෝජනාවේ විවාදය පැවැත්වීමට නියමිත අතර පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ද 12 වැනි සිකුරාදා කාලය වෙන්කර තිබෙනවා .

WhatsApp Group

Skip to content