ලැබුවා වූ 2024 නව වසර ලොව පුරා උත්සවත්ශ්‍රීයෙන් සමරනු ලැබුවා.

ලොව පළමුවරට 2024 නව වසර ලොව නැගෙනහිරින්ම පිහිටි ස්වාධීන රාජ්‍ය වන කිරිබාත රාජ්‍යයට උදාවුණා.

කෙසේ වෙතත් ලෝකයේම වැඩි ආකර්ෂණයක් හිමිවන පළමුවරට අලංකාරවත් නව වසර උදාවේ සැමරුමක් නවසීලන්තයේදී දැකගත හැකි වුණා.

එහිදී ලෝකෙම අවධානය යොමු කරමින් අති උත්කර්ෂවත් මල්වෙඩි සංදර්ශනයකින් නවසීලන්තය 2024 නව වසර පිළිගනු ලැබීමටයි කටයුතු කළේ.

එම සුවිශේෂී මල්වෙඩි සංදර්ශනය පැවැත්වුණේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් හිදීයි.

මේ අතර ගිනිකෙළි සංදර්ශන පවත්වමින් නව වසර සාම්ප්‍රදායිකව පිළිගන්නා රටක් වන ඕස්ටේ‍රලියාව මෙවරත් නව වසර අති උත්කර්ෂවත්ව පිළිගනු ලැබුවා.

එමෙන්ම අභියෝග මධ්‍යයේ ශ්‍රී ලාංකේය ජනතාවද උත්කර්ෂවත් අයුරින් 2024 නව වසර පිළිගැනීමටයි කටයුතු කරනු ලැබුවේ.

 

WhatsApp Group

Skip to content