රුපියල් බිලියන 3860 ක රජයේ වියදම් ඇතුලත් 2024 විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය ලේඛනය අද සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසින් පර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

මෙහි රුපියල් බිලියන 2651 ක් පුනරාවර්තන වියදම් ලෙස වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙවර රුපියල් බිලියන 886.1 ක් ලෙස වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයටයි.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට රුපියල් බිලියන 723.4 ක් ද, ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 423.7 ක් ද, සෞඛ්‍ය අමාත්‍යංශයට රුපියල් බිලියන 410.2 ක් ද, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයට රුපියල් බිලියන 403.6 ක් ද සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයට රුපියල් බිලියන 140.7 ක් ද විසර්ජන පනත මගින් වෙන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content