2024 වසර සදහා වන අයවැය දෙවෙනි වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරු 6.00 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා .

පසුගිය 13 වනදා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් අයවැය දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි කටයුතු කලේ .

ඉන් අනතුරුව පසුගිය 14 වනදා සිට අද දිනය දක්වා ඉරිදා දිනය හැර අඛණ්ඩව දින 7 ක් පුරාවට අයවැය දෙවෙනි වර කියවීමේ විවාදය පවත්වනු ලබනවා .

මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය ඇත්තේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙට සිට ලබන මස 13 වනදා දක්වා දින 19 ක් පැවැත්වීමටයි.

එමෙන්ම අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ලබන මස 13 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතයි.

 

WhatsApp Group

Skip to content