2024 අයවැය සඳහා අමාත්‍යාංශවල වියදම් යෝජනා සම්බන්ධ සමාලෝචනය අද සිට ලබන සැප්තැම්බර් මස 10 වැනිදා දක්වා පැවැත්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා .

මෙවර අයවැය යෝජනාව අභියෝගාත්මක වනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යවරු සහ ඒ ඒ අමාත්‍යාංශවල නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසුවා .

WhatsApp Group

Skip to content