2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම ප්‍රතිඵල අඅඅගාදැබැඑිගකන වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

එමනේම පහේ ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික්කවල සිංහල සහ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු ද නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා සිංහල මාධ්‍ය වැඩිම කඩඉම් ලකුණ වන්නේ 154 යි.

බදුල්ල, මොනරාගල, පොළොන්නරුව යන දිස්ත්‍රික්ක වල කඩයිම් ලකුණ වන්නේ 149යි.

එමෙන්ම හම්බන්තොට සහ රත්නපුර අවම ලකුණු සීමාව 150 ක් වන අතර, වවුනියාව දිස්ත්‍රික්කයේ ලකුණු සීමාව සටහන් වන්නේ 145 ක් ලෙසයි.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍ය අවම ලකුණු සීමාව 154 ක් වනවා.

මේ අතර, මෙම විභාගය සදහා තුන් ලක්ෂ 38,037 අයදුම් කර තිබු අතර ඉන් තුන්ලක්ෂ 32,949 ක් විභාගයට පෙනිසිට තිබෙනවා.

මෙම පිරිසෙන් කඩ ඉම් ලකුණේන් ඉහල ලකුණු ලබා ගත් සංඛාව 50,664 ක් ලෙසයි සඳහන් වන්නේ. ශිෂ්‍යාධාර සදහා සිසුන් 20,000 ක් තොරාගන්නා අතර ඉන් 250 ක් විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සදහා වෙන් කරනු ලබනවා.

මෙම ප්‍රතිඵල සම්බන්ධයෙන් නැවත පරික්ෂා කිරිමක් සිදුකිරිමට අවශ්‍ය නම් මේ මස 27 වන දින සිට ලබන මස 04 වන දින දක්වා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අභියාචනා ඉදිරිපත් කල හැකි බවද විභාග දෙපාර්තමන්තුව වැඩිදුරටත් සඳහන් කළා.f

WhatsApp Group

Skip to content