පාසල්වලට සිසුන් තෝරා ගැනීමට හා ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට 5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන විභාගය 2023 ඔක්තෝබර් මස 15 වන ඉරිදා දිනයේදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

2023 ජුනි මස 15 වනදා සිට ජුලි මස 06 වන දින දක්වා අයදුම්පත්‍ර කැඳවීම සිදු කෙරෙන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

කෙසේ වෙතත් ජුලි මස 06 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 පැයෙන් පසු මාර්ගගත ප්‍රවේශය වසා තබනු ලබන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ.

එසේම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ කිසිදු හේතුවක් මත හෝ අයදුම්පත් භාගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

 

WhatsApp Group

Skip to content