2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග අද ආරම්භ වනවා.

තරගාවලිය ආරම්භ වීමට පෙර සෑම කණ්ඩායමක්ම පුහුණු තරග දෙක බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ අනුව අද සහ අනිද්දා පුහුණු තරග පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පුහුණු තරග දෙක නෙදර්ලන්තයට හා අමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර පුහුණු තරගය අද පස්වරු 12:30 ට සිම්බාබ්වේ හි බුලවායෝ නුවර දී ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

සිම්බාබ්වේ හී දී පැවැත්වීමට නියමිත සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ලබන 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා කණ්ඩායම් 10කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

WhatsApp Group

Skip to content