ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2023 ජුලි මාසයට අදාළ මාසික දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබෙනවා.

මෙරට එක් පුද්ගලයෙකු සිය අවම මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මාසයක් තුළ දැරිය යුතු වියදම රුපියල් 15,978 ක් ලෙසිනුයි එහි දැක්වෙන්නේ.

ජාතික අගයයක් ලෙසින් දැක්වෙන මෙම වටිනාකම පසුගිය 2023 ජූනි මාසයේ දී රුපියල් 16,089 ක් ලෙසින් සටහන්ව තිබුණා.

2023 ජූලි මාසයේ ඉහත අගයයට අනුව සිව්දෙනෙකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම ලෙස දක්වා ඇත්තේ රුපියල් 63,912 ක් ලෙසයි.

මෙම වාර්තාවට අනුව සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන පුද්ගලයින්ටයි.

එය රුපියල් 17,233 ක් වන අතර 2023 ජූනි මාසයේ දී මෙම අගය රුපියල් 17,352 ක් ලෙසයි සටහන්ව තිබුනේ.

මෙහි අවම අගය මොණරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම අගය රුපියල් 15,278 ක්

2023 ජූනි මාසයේ දී මෙම අගය රුපියල් 15,383 ක් ලෙසින් වාර්තා වී තිබුණා.

WhatsApp Group

Skip to content