2023 ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් නොවූ ඡන්ද දායකයෙකුට ඒ සඳහා ඉල්ලීම් කිරීමට දී තිබු කාලය අදින් අවසන් වනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඊට අදාළ ඡන්ද හිමි නාම ලේඛනයේ දළ කෙටුම්පත් මේ වන විට ග්‍රාම නිලධාරී කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල ප්‍රදර්ශනයට තබා ඇති බවයි.

අදාළ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට  WWW.ELECTIONS.GOV.LK වෙබ් අඩවියද භාවිත කළ හැකි බවයි ඒ මහතා සඳහන් කලේ.

 

WhatsApp Group

Skip to content